Western Province Provincial Road Development Authority

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය

மேல் மாகாண வீதி அபிவிருத்தி அதிகார



බස්නාහිර පළාත් ගරු මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගේ පණිවුඩය

බස්නාහිර පළාත් සභාවට අයත් කි.මී. 2000 කට ආසන්න මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම යන පුළුල් කාර්යභාරය පැවරී ඇති බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය වෙනුවෙන්, බස්නාහිර පළාතේ මහා මාර්ග විෂය භාර අමාත්‍යවරයා ලෙස, සුභපැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම සතුටකි.

පළාත් සභාවක් විසින් සම්මත කරන ලද ප්‍රථම ප්‍රඥප්තිය වූ 1989 අංක 04 දරණ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරී ප්‍රඥප්තිය මඟින් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කල ප්‍රථම අධිකාරිය වශයෙන්, බස්නාහිර පළතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය ඉතිහාසයට එක්ව තිබේ.

ආරම්භයේදී, මධ්‍යම රජයේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අන්තර්ග්‍රහණය කරනු ලැබූ නිලධාරින් කිහිපදෙනෙකු හා රජයේ ඒකාබද්ධ සේවයෙන් අනුයුක්ත කරනු ලැබූ නිලධාරින් කිහිපදෙනෙකුගෙන් සුසැඳි අධිකාරියේ කාර්ය මණ්ඩලය, වත්මන්හිදී අධීකාරිය වෙනුවෙන්ම වූ ස්ථිර නිලධාරින් 338 කගෙන් සමන්විත වීම මඟින්, එම අධිකාරිය ඉටු කරනු ලබන කාර්ය භාරයේ පුළුල් පරාසය පෙන්නුම් කෙරේ.

බස්නාහිර පළාත් සභාවට අයත් කොළඹ, කළුතර හා ගම්පහ යන ජනාකීර්ණ දිස්ත්‍රික්ක 03ක් පුරා විහිදී මාර්ග  770 කට ආසන්න ප්‍රමාණයක්, නඩත්තු කරමින් හා සංවර්ධනය කරමින් පුළුල් මහජන සේවාවකට දායක වුවද, ඉටු කරනු ලබන ජනතා සේවය  පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හෝ ඒ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දීමට හෝ සේවා ආයතනයකට නොහැකිය.

ඒ වූ කලී රාජ්‍ය ආයතන මුහුණ පා ඇති මූලික ගැටළුවක් වන අතර, එමඟින් ජනතා ආකර්ශණය ලබා ගැනීමේ හා ආයතනගත වටිනාකම් ජනතාවට පෙන්නුම් කිරීමේ අවස්ථාව මඟහැරී තිබේ.

පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය විසින්,තම අධිකාරිය වෙනුවෙන්ම වූ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම, මෙම ගැටළු සහගත තත්ත්වයෙන් මිදීම සඳහා ගත් හොඳ උත්සාහයක්, උපක්‍රමයක් හා තාක්ෂණ ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකි අතර, අධිකාරිය පිළිබඳ තොරතරු හා දත්ත එක්රැස් කරන්නන්ටද එය තොරතුරු දැනගත හැකි මෙවලමක් ලෙස භාවිතා කල හැකි වීමද සුවිශේෂී වේ.

සංවර්ධනය ක්‍රියාවලිය හා බැඳි ඕනෑම ඉදිකිරීමක් ඉලක්කගතව හා ප්‍රමිතිගතව ඉටු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, වාහන හා මනා ලෙස සුදුසුකම් සැපිරූ මානව සම්පතක් පැවතීම, මෙම අධීකාරියේ වර්ධනයට හේතුවී තිබේ.

අධීකාරිය විසින් තම සේවා නියුක්තකයින් සඳහා විවිධ වූ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් කාර්ය මණ්ඩලයේ ආර්ථික හ සමාජයීය පසුබිම පුළුල් කිරීමටද, ඒ ඔස්සේ සේවක තෘප්තිය හා කාර්යක්ෂමතාව ඉහල නංවා ගැනීමටද කටයුතු කර ඇත.

ඒ අනුව විෂය භාර අමාත්‍යවරයා ලෙස බස්නාහිර පළාතේ ජනතා අභිලාෂයන් සාක්ෂාත් කර දීම සඳහා පළාත්බද මාර්ග සංවර්ධන අධීකාරියෙන් ලබාදෙන සුවිශේෂී සේවා දායකත්වය හා එහි සේවක සමූහයාගේ රැකියා සුරක්ෂිතභාවය හා අභිප්‍රේරණය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මා අගය කරන අතර, අධීකාරිය් අනාගතය සඳහා සුභ පතමි.

මාර්ග සංවර්ධන අමාත්‍ය ( බස්නාහිර පළාත )


සාමාන්‍ය තොරතුරු

  • 1919 අමතන්න

අප හා එක් වන්න

අප අමතන්න

  • බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය
  • නො. 59, ශාන්ත සෙබස්තියන් කන්ද
  • කොළඹ 12,
  • 0112 321980 (ක්ෂණික ඇමතුම්)
  • 0112 321981
  • gmprda@sltnet.lk
1899287