Western Province Provincial Road Development Authority

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය

மேல் மாகாண வீதி அபிவிருத்தி அதிகார



අධිකාරියේ සභාපතිතුමාගේ  පණිවුඩය

බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස, එහි වෙබ් අඩවිය වෙනුවෙන් මාගේ සුභ පැතුම් එක් කරනුයේ අධිකාරියේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය වෙනුවෙන් හා අපගේ සේවා ලාභීන් සැවොම  වෙනුවෙනි.

බස්නාහිර පළාත් සභාවේ සුවිශේෂී කාර්යභාරයකට උරදෙන ආයතනක් ලෙස කීර්තිනාමයක් හිමිකර ගෙන ඇති මෙම අධිකාරිය, යටිතල පහසුකම් විෂයෙහිලා පුමුඛතම  කාර්යයක නියැලේ.

යටිතල පහසුකම් සියල්ල, මහා මාර්ගයක් ඔස්සේ විහිදෙන බැවින්, එහි ප්‍රමුඛතාවය නිරන්තරයෙන් මාර්ග සංවර්ධනය සඳහා හිමිවේ. බස්නාහිර පළාත තුල පිහිටි“ සී ‘’ හා ‘’  ඩී ‘’ පන්තියේ මාර්ග බස්නාහිර පළාත් සභාවට අයත් වන අතර, පළාත් සභා ස්ථාපිත කරන අවස්ථාව වන විට එම මාර්ග පද්ධතිය පැවති අබලන් තත්තවයෙන් එය මුදා ගනු පිණිස, වහා ඊට පිලියම් යෙදීමට කටයුතු කිරීම මූලික විය.

බොහෝ පළාත්  සභාවන් විසින්, දෙපාර්තමේන්තුකරණය ඔස්සේ මෙම ක්‍රියාවලියට උරදුන් අතර, බස්නාහිර පළාත් සභාව විසින් ඊටම වෙන් වූ අධිකාරියක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින්, පළාත් සභාවක් විසින් සම්මත කරනු ලැබූ ප්‍රථම ප්‍රඥප්තිය මඟින් මෙම අධිකාරිය ස්ථාපිත කරන ලදී.

සත්දෙනෙකුගෙන් සුසැඳි අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් අයෙකු අධිකාරියේ සභාපති තනතුර උසුලන අතර, විෂය භාර අමාත්‍යාවරයා විසින් එම පත් කිරීම සිදු කරනු ලබයි.
අධිකාරියේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව ඔස්සේ අනුමත කර ගත යුතු අතර, එම අනුමැතිය යටතේ 338 ක් වූ ස්ථිර කාර්ය මණ්ඩලයක් අධිකාරිය තුල සේවයේ නිරතව සිටී.

මාර්ග නඩත්තු ක්‍රියාවලිය සෘජු ලෙස අධිකාරිය මඟින් පමණක් සිදුකරන අතර, ඒ සඳහා බස්නාහිර පළාත් සභාව විසින් වාර්ෂික අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කොරේ. සියළු සංවර්ධන ව්‍යාපෘති සඳහා මධ්‍යම රජයෙන් හා පළාත් සභාවෙන් ප්‍රතිපාදන ලබා දෙන අතර, මෙම සියළු කාර්ය භාරයන් ඉලක්කගතව හා මනා තත්ත්ව පාලනයකින් යුතුව ඉටු කිරීමට අධිකාරිය විසින් පියවර ගෙන තිබීම මඟින්, අධිකාරිය කීර්තිනාමයක් දිනා සිටී.

ජනතා මෙහෙවරක් යෙදෙන්නාවූ අධිකාරියක් ලෙස, මෙවන් වූ කාර්ය සාධනයක් ලබා දීම සඳහා සුසැඳි කාර්ය මණ්ඩලයක්ද, යන්ත්‍ර සූත්‍ර වාහන ඇතුළු සම්පත්ද අධිකාරිය සතු වන බැවින්, සේවාවන් සැපයීම පහසුවක් වී තිබේ.

අධිකාරිය විසින් ඉටු කරනු ලබන මහජන සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම කාලානුරූපව සිදුවිය යුත්තක් වන අතර,  ඒ සඳහා මෙවන් වු තොරතුරු බිඳක් යොමු කිරීමට හැකිවීම සම්බන්ධයෙන් අතිශයින් සතුටු වෙමි.

සභාපති
පළාක්බද මාර්ග සංවර්ධන අධිකාරිය ( බ.ප.)

 


සාමාන්‍ය තොරතුරු

  • 1919 අමතන්න

අප හා එක් වන්න

අප අමතන්න

  • බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය
  • නො. 59, ශාන්ත සෙබස්තියන් කන්ද
  • කොළඹ 12,
  • 0112 321980 (ක්ෂණික ඇමතුම්)
  • 0112 321981
  • gmprda@sltnet.lk
1899804