මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය සුරක්ෂිතව හා කාර්යක්ෂමව සැලසිය හැකි, ජාතික මාර්ග පද්ධතිය හා මැනවින් සම්බන්ධ වු, නවීන තාක්ෂණික දැනුම හා ක්‍රමෝපායන් භාවිතා කරමින් ඉදි කරන ලද, ගුණාත්මක තත්වයෙන් හා දිගු කාලීන පැවැත්මෙන් යුත් පළාත් මාර්ග හා ග්‍රාමීය මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම, මෙම අධිකාරියේ දැක්ම වේ
බස්නාහිර පළාත තුළ පිහිටි “සී” හා “ඩී” පන්තියේ මාර්ග නිසි පරිදි නඩත්තු කිරීම මඟින් හා, අවශ්‍ය අවස්ථාවන්හීදී එම මාර්ග සංවර්ධනය කිරීම හා වැඩි දියුණු කිරීම මඟින්, ශ්‍රී ලංකාව තුළ පිහිටි මහා මාර්ග ජාලයට, ඉතා හොඳ තත්වයේ මාර්ග පද්ධතියක් එක් කිරීමත්, එමඟින් සමස්ථ ආර්ථික වර්ධනයට හා ජනතා සුභ සිද්ධියට උපරිම දායකත්වය ලබාදීමත්, පළාත් පාලන ආයතනයන්ට අයත්ව ඇති නමුත්, එම ආයතනයන්ට නඩත්තු කල නොහැකි තත්වයේ පවතින, ජාතික ආර්ථිකයට වඩාත් වැදගත් යයි හදුනාගත් මාර්ග, පළාත් සභාව වෙත පවරා ගනිමින්, ඒවා නිසි ප්‍රමිතියෙන් යුතුව සංවර්ධනය කර හා නඩත්තු කර පවත්වාගෙන යාමත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක, අනෙකුත් ආයතනයන් වෙත, මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් වු සැළසුම් සකස්කර දෙමින්, තාක්ෂණ උපදේශීය සේවාවන් සැපයීමත්, එමඟින් සමස්ථ මාර්ග පද්ධතියේ ගුණාත්මක වර්ධනය උදෙසා දායක වීමත් මෙම අධිකාරියේ මෙහෙවරයි.