ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින්, ශ්‍රී ලංකාව තුළ , පළාත් සභා ක්‍රමය ස්ථාපිත වු අතර, එම පළාත් සභා ඉතිහාසයේ ප්‍රථමකොට සම්මත කරගන්නා ලද 1989 අංක 04 දරණ ප්‍රඥප්තිය මඟින් , බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය සංස්ථාපනය විය.
ඒ අනුව, බස්නාහිර පළාතේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය යනු, පරිපාලන ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද , පළාත් සභා ව්‍යුහයේද , සන්ධිස්ථානයකි.
1989 වසරේ සිට ප්‍රඥප්තිය බලාත්මක වුවත්, එය අධිකාරියක් ලෙස නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කරන ලද්දේ , 1989 ජනවාරී මස 01 වන දින සිටය. ඒ අනුව , වර්ෂ 1989.11.03 දිනැති අංක 582/22 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත , බස්නාහිර පළාතේ “සී” හා “ඩී” පන්තියට අයත් මාර්ග පද්ධතිය , නඩත්තු කිරීමේ හා සංවර්ධනය කිරීමේ වගකීම , මෙම අධිකාරිය වෙත පවරා තිබේ.