මාර්ග ඉදිකිරීම් සඳහා C- 1 ශ්‍රේණිය සහ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා C-04 ලෙස ලියාපදිංචි වී ඇති අප ආයතනය, මාර්ග/පාලම් සහ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සදහා ISO – 9001/2015 සහතිකය ලබා ඇත. අප ආයතනය සතු සුදුසුකම්ලත් ඉංජිනේරු කාර්යය මණ්ඩලය මගින් නවීන තාක්ෂණය භාවිතා කර සියලුම මාර්ග/පාලම් සහ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සපයනු ලැබේ.
ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍ය උසස් තත්වයේ සියඵම පෙරනිමි කොන්ක්‍රීට් උපාංග අපගේ දිවුලපිටිය සහ හොරණ පෙරනිමි කොන්ක්‍රීට් අංගන මගින් නිශ්පාදනය කරන අතර, රජයේ හා පුද්ගලික අංශයේ ඉදිකිරීම් ව්‍යපෘති සදහා ලබා දේ.
නිට්ටඹුව, පන්නල, රත්මලාන සහ හොරණ යන අපගේ නවීන උපකරණ සහිත ද්‍රව්‍ය විද්‍යාගාරවලින් ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් සම්බන්ධ සියලුම රසායනාගාර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
මාර්ග, පාලම් සහ ගොඩනැගිලි ව්‍යාපෘතිවල ව්‍යාපෘති සැලසුම් සහ උපදේශන සේවා සිදු කිරීම.
අප සතු නවීන යන්ත්‍රෝපකරණ සහ මනා පුහුණුව ලත් කාර්යමණ්ඩලයක මගින් සියලුම වාරිමාර්ග සංවර්ධන කටයුතු සිදු කරනු ලැබේ.
හොරණ සහ පන්නල ප්‍රදේශයේ පිහිටි අපගේ ඇස්පෝල්ට් අංගන 02 මගින් මාර්ග ව්‍යාපෘති සදහා, රජයේ හා පුද්ගලික අංශයට අවශ්‍ය අවශ්‍ය ඇස්පෝල්ට් (Wearing Course/Binder Course/Cut Back) සපයනු ලැබේ.
නවීන තාක්ෂණයෙන් යුත් විශාල ඉදිකිරීම් යන්ත්‍ර හා උපකරණ සමුහයක් හා පළපුරුදු කාර්ය මණ්ඩලයක් පවතින අතර, අවශ්‍යතා පරිදි රාජ්‍ය හා පුද්ගලික අංශය සදහා කුලී පදනම මත ලබා දේ.
උසස් තත්ත්වයේ ද්‍රව්‍ය සහ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් මාර්ග සලකුණු කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ.